ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 27ක් වාර්තා වී තිබෙනවා.
පිරිමි පුද්ගලයින් 14ක් සහ කාන්තාවන් 13ක් ඒ අතර වනවා.
වයස අවුරුදු 60 වැඩි 22 දෙනෙක් සහ වයස අවුරුදු 30 ත් 59ත් අතර 05 දෙනෙක් මෙලෙස මියගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ.
මේ අනුව ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තාවී ඇති මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 14 දහස් 305ක් දක්වා ඉහළ යනු ඇති.