ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාධිත මරණ 18 ක් සටහන්ව තිබෙනවා.
ඒ අනුව මෙරට මුලු කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව 14 දහස් 573 දක්වා ඉහළ ගියා.
මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 71 දහස් 239 ක් බවට පත්වුණා.
ඒ තවත් ආසාධිතයන් 567 දෙනෙකු වාර්තාවීමත් සමගයි.
දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 12 දහස් 466 ක්.
මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 377 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ 44 දහස් 200 දක්වා ඉහළ ගියා.
