ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ලක්ෂ 05 සීමාව ඉක්මවා ගියා.
ඒ ඊයේ දිනයේදී තවත් ආසාධිතයන් 2078 දෙනෙකු වාර්තාවීමත් සමගයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ මුලු කොවිඩ් ආසාධිතයන් ගණන පන් ලක්ෂ 772 ක් බවට පත්වුණා.
දැනට මෙරට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 59 දහස් 058 ක්.
මේ අතර ශ්‍රී ලංකාවේ මුලු කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව 11,938 දක්වා ඉහළ ගියා.
ඒ පෙරේදා සිදුවූ කොවිඩ් ආසාධිත මරණ 121 ක් ඊයේ දිනයේදී තහවුරු කිරීමත් සමගයි.
ඉන් 92 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 28 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.
අනෙක් මරණය වයස අවුරුදු 30 ට අඩු අයෙකුයි.
මේ අතර මෙරට ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව හාර ලක්ෂ 29 දහස් 776 දක්වා ඉහළ ගියා.