ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 50 දහස ඉක්මවා ගියා.
ඒ අද දිනයේදී මේ දක්වා මෙරටින් තවත් කොවිඩ් ආසාධිතයන් 2423 ක් වාර්තා වීමත් සමගයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 50 දහස් 693 ක් බවට පත්වනවා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 37 දහස් 573 ක්.
මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 2717 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව තුන් ලක්ෂ 07 දහස් 345 දක්වා ඉහළ යනු ඇති.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 5775 ක් වාර්තා වී තිබෙනවා.
