ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 1655 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 10 දහස් 494 ක් බවට පත්වනවා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 27 දහස් 143 ක්.
මෙරට ආසාධිතයන් අතුරින් තවත් 1792 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 78 දහස් 910 දක්වා ඉහළ යනු ඇති.
තවත් කොරෝනා මරණ 67ක් ඊයේ දිනයේදී සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයා විසින් තහවුරු කළා.
ඒ අනුව මෙරටින් වාර්තාවන මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 4508 දක්වා ඉහළ යනු ඇති.
ඊයේ දිනයෙන් වාර්තා වූ මරණ අතර වයස අවුරුදු 30 අඩු එක් පුද්ගලයෙකු ඇතුළත්.
ඊට අමතරව වයස අවුරුදු 30ත් 59 ත් අතර 10 දෙනෙකු සහ වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් 56 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.