තලේබාන් සටන්කාමීන් විසින් ඇෆ්ඝනිස්ථානයේ දෙවන විශාලතම නගරය වන කන්දහාර් හි බලය අත්පත් කරගෙන තිබෙනවා.
මේ අනුව සතියක කාලයක් තුළ ඔවුන් විසින් යටත් කරගත් ප්රධාන නගර ගණන 10 ඉක්මවනු ඇති.
කෙසේවෙතත් මෙම අත්පත් කරගැනීම සම්බන්ධයෙන් ඇෆ්ඝන් බලධාරීන් විසින් මේ දක්වා කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැහැ.