තලේබාන් සටන්කාමීන් විසින් ඇෆ්ඝනිස්ථානයේ ප්‍රධාන නගර කිහිපයක බලය ඔවුන් යටතට ගෙන තිබෙනවා.
මූලෝපායික වශයෙන් වැදගත් කුන්දූස් නගරයද ඒ අතර වන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මේ අනුව දින 02 ක් තුළදී සටන්කාමීන් යටතට පත්ව ඇති මුලු නගර ගණන 05 දක්වා ඉහළ යනවා.
අමෙරිකානු හමුදා විසින් ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත්වීමට තීරණය කිරීමත් හමුවේ තලේබාන් ප්‍රහාර ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.