ඇෆ්ඝනිස්ථානයේ සිටි විදේශීය පාර්ශව වෙත සහය දැක්වූ පිරිස් සොයා තලේබාන් සංවිධානය විසින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
අමෙරිකාව ප්‍රමුඛ නේටො හමුදා / එක්සත් ජාතීන් ඇතුලු පාර්ශව වෙත සහය දැක්වූවන් මෙලෙස සොයමින් ඇති බව සඳහන්.
සටන්කාමීන් සෑම නිවසකටම ගොස් පරීක්ෂා කිරීම් කරමින් සිටින බවයි ඇෆ්ඝන් වාර්තාවල දැක්වෙන්නේ.
වසර 20 කට පෙර සිටි තලේබාන් සංවිධානයේ මුහුණුවර වෙනස් වී නොමැති බව මින් පෙන්නුම් කෙරෙන බවද විදෙස් විචාරකයන් සඳහන් කලා.