දැනට ඇෆ්ඝනිස්ථානයේ පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ කාබුල් අගනුවර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ දැනට කාබුල් නුවර ශ්‍රී ලාංකිකයන් 50 කට ආසන්න පිරිසක් රැකියාවල නිරතවී සිටින බවයි.
මේ අතර තලේබාන් සටන්කාමීන් දිශා කිහිපයකින් කාබුල් අගනුවරට ඇතුලුවෙමින් ඇතැයි ඇෆ්ඝන් වාර්තා පවසනවා.
දැනට ඔවුන් කාබුල් අගනුවර හැර අනෙකුත් සෑම ප්‍රධාන නගරයකම බලය ඔවුන් යටතට ගෙන අවසන්.
පළා යන ජනතාවට කිසිදු බලපෑමක් නොකරන ලෙසද තලේබාන් සංවිධානය විසින් සිය සටන්කාමීන්ට දන්වා තිබෙනවා.
කාබුල් අගනුවර සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන් ගණනාවක්ද මේ වනවිට යළි ඔවුන්ගේ රටවල් බලා පිටත්ව යාම ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා කියාසිටියේ.
ඇෆ්ඝනිස්ථානයේ සිටි අමෙරිකානු හමුදා ඉවත්වීමත් සමගයි තලේබාන් සංවිධානය විසින් නැවතත් එරට ප්‍රධාන නගර ගණනාවක බලය අත්පත් කරගනු ලැබුවේ.
