වයස අවුරුදු 20 ත් 30 ත් අතර මෙරට තරුණ ප්‍රජාව තවමත් කොරෝනා එන්නත් ලබාගැනීමට විශාල උනන්දුවක් නොදක්වන බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසනවා.
එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ එම වයස් කාණ්ඩයේ මිලියන 03 කට ආසන්න තරුණ ප්‍රජාවගෙන් අඩක් පමණක් මේ වන විට එන්නත් ලබාගෙන ඇති බවයි.
සියලූ දෙනා සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් කටයුතු කරන්නේ නම් රට යළිත් වසා දැමීමේ අවධානම අවම වන බවයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ.