වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණ තරුණියන් කොවිඩ් මර්ධන එන්නත් ලබාගැනීම සඳහා පවතින උනන්දුව අඩුවී ඇති බව ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ එම එන්නත් ලබාගැනීමෙන් ලිංගික ශක්තිය හීනවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ අසත්‍ය කරුණක් හේතුවෙන් තරුණ තරුණියන් එන්නත් ලබාගැනීමට බියක් දක්වන බවයි.
එවැනි කාරණයක් සම්බන්ධයෙන් කිසිදු විද්‍යාත්මක තහවුරු වීමක් සිදුව නොමැති බවත් එලෙස පැතිර යන තොරතුරු සම්පූර්ණ අසත්‍යයක් බවත් චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා අද අවධාරණය කලා.
