ණය බර ලිහිල් කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහායවීමට චීනය අපේක්ෂාවෙන් පසුවන බව චීන විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
එහි පැවති මාධ්‍ය හමුවක දී චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ෂාඕ ලිජියන් පවසා ඇත්තේ එහිදී සෙසු රටවල් හා ජාත්‍යන්තර සංවිධාන සමග එක්ව ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට චීනය සූදානම් බවයි.
චීනය සම්බන්ධයෙන් වන ණය පිළිබඳව ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කර, ඒවා නිසි ලෙස විසඳීමට අදාළ මූල්‍ය ආයතනවලට සහය ලබාදෙන බව ද ඔහු එහිදී සඳහන් කලා.
චීන විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ෂාඕ ලිජියන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීනයගැඹුරින් වටහාගෙන සිටින බවයි.
ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථික හා සමාජයීය සංවර්ධනය සඳහා සාධනීය කාර්යභාරයක් ඉටු කිරීමට සූදානම් බවද ඔහු පවසා තිබෙනවා
