ශ්‍රී ලාංකිකයන් සතුව ඇති අමරිකානු ඩොලර් ඇතුලු විදෙස් මුදල් රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාලව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නියමයට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥය සංගමය අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොණු කර තිබෙනවා.
ශ්‍රී ලංකා නීතිඥය සංගමයේ සභාපති ජනාධිපති නීතිඥය සාලිය පීරිස් හා සංගමයේ උප සභාපති ජනාධිපති නීතිඥය අනුර මැද්දෙගොඩ යන මහත්වරුන් විසිනුයි පෙත්සම ගොණු කර ඇත්තේ.
පෙත්සමේ වග උත්තකරුකරුවන් ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් / මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හා ශ්‍රී ලංකා මූළ්‍ය මණ්ඩලය නම් කර තිබෙනවා.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ විදේශ රටවල සිටින සේවාදායකයන්ට සේවා ලබාදිම වෙනුවෙන් මේ දක්වා තමන් සේවා ගාස්තු අයකරනු ලැබුවේ විදෙස් මුදල් ඒකක භාවිතයෙන් බවයි.
එහෙත් මහබැංකුවේ නවතම නියමය මගින් අදාල මුදල් ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කිරීමට සිදුවන බවත් ඉන් තමන්ගේ සේවා අයිතිවාසිකම් උල්ලංඝණය වන බවත් පෙත්සම්කරුවන් සදහන් කරනවා.
