ශ්‍රී ලාංකිකයන් සතුව ඇති අමරිකානු ඩොලර් ඇතුලු විදෙස් මුදල් රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාලව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නියමයට එරෙහිව ගොණු කර රිට් පෙත්සම ලබන 20 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කර තිඛෙනවා.
ශ්‍රී ලංකා නීතිඥය සංගමයේ සභාපති ජනාධිපති නීතිඥය සාලිය පීරිස් හා සංගමයේ උප සභාපති ජනාධිපති නීතිඥය අනුර මැද්දෙගොඩ යන මහත්වරුන් විසිනුයි පෙත්සම ගොණු කර ඇත්තේ. සෝභිත රාජකරුණා / ධම්මික ගනේපොල යන මහත්වරුන් විසිනුයි මෙම නියෝගය ලබාදුන්නේ.
මෙම පෙත්සමේ වග උත්තකරුකරුවන් ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් / මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හා ශ්‍රී ලංකා මූළ්‍ය මණ්ඩලය නම් කර තිඛෙනවා.