සංචරණ සීමා පැණවීමෙන් වළකින ලෙසටද විශේෂඥයන් පිරිසක් විසින් ඉල්ලීම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියාසිටියේ ආර්ථිකමය පාඩුව සළකා ඔවුන් එම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි.
අද පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී හේමන්ත හේරත් මහතා මේ බව කියාසිටියා.
රෝහල්වල මෘත ශරීරාගාරවල මළ සිරුරු ගොඩගැසී ඇති බවට මාධ්‍යවේදීන් කල විමසීමකට ද හේමන්ත හේරත් මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.
මේ අතර ඩෙල්ටා වෛරස ප්‍රභේදයෙන් පසු වෙනත් ප්‍රභේද වාර්තා විය හැකි බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙහිදී ප්‍රකාශ කලා.
