2020 වසර හා සැසඳීමේදී මෙම වසරේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් නිරීක්ෂණය වන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික් කිහිපයක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇති අතර දිවයිනේ අනෙක් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවයක් දැකිය හැකි බව සඳහන්.
2021 වසරේ දී මේ දක්වා ඩෙංගු රෝගීන් 16,497 ක් වාර්තා වී තිබෙනවා.
දිවයිනෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් අතරින් 70 % ක් පමණ බස්නාහිර පළාතින් වාර්තාවීම ද විශේෂත්වයක්.
දැනට දිවයින තුල ස්ථාපිත වී ඇති නිරිත දිග මෝසම් වැසි සහිත කාලගුණය හමුවේ ඉදිරියටත් මෙලෙස ඩෙංගු රෝගයේ වර්ධනයක් අපේක්ෂා කෙරෙන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ.
කොවිඩ්, ඩෙංගු වැනි වෛරස් රෝගවල මුලික අවස්ථාවලදී, රෝග ලක්ෂණ බොහෝදුරට සමාන බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අතිශයින් වැදගත් බවද වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා.