ඩෙංගු රෝග පාලනය සහ ව්‍යාප්තිය අවම කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනා කිහිපයක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
මෙම වසරේ නොවැම්බර් මාසය වනවිට ඩෙංගු රෝගීන් 25 910 දෙනෙක් සහ ඩෙංගු මරණ 19 ක්ද මෙරටින් වාර්තා වී තිබුණා.
ඒ අනූව ඩෙංගු රෝගය වැළැක්වීමේ සහ පාලන ක්‍රියාකාරකම් ස්ථිරව පවත්වාගෙන යාම සදහා සෑම ආයතනයකටම ඒ සදහා වෙන්වු නිළධාරියෙක් පත් කිරීමටත් / දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය කමිටු සම්බන්ධීකරණ කමිටු වලදී තත්තව සමාලෝචන සිදුකර අවශ්‍ය පියවර ගැනීමටත් / ඩෙංගු- රෝගය වැළැක්වීම සම්බන්ධයෙන් වන පළාත් / දිස්ත්‍රික් / ප්‍රාදේශීය සහ බිම් මට්ටමේ සම්බන්ධීකරණ කටයුතු වල වගකීම පළාත් ආණ්ඩුකාරවරුන්ට පැවරීමටත් / ඩෙංගු- රෝග පාලනය සම්බන්ධයෙන් දැනට පවත්නා නීති සංශෝධනය කිරීමටත් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනා ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙනු ඇති.