විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ඩුබායි සුද්දා නැමැත්තා ඇප මත මුදාහැර තිබේ.
බලපත්‍ර නොමැතිව විදෙස් රැකියා සඳහා පුද්ගලයින් යොමු කිරීමේ චෝදනාවන් සම්බන්ධයෙන් එම කාර්යංශය විසින් ඔහු අත්අඩංගුවට ගත්තේය.
අනතුරුව ඔහු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහුට ඇප හිමිව තිබේ.
ගරු අධිකරණයේ තීරණය පරිදි රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත අදාළ තැනැත්තා නිදහස් කර ඇති අතර, එම නඩුව 2023.03.17 දින යළි කැඳවීමට නියමිතව ඇත. (Update 2)
=========================================================================
විදේශ රැකියා සඳහා පුද්ගලයින් බඳවාගැනීමේ නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝණය කරමින්, සමාජ මාධ්‍ය ඔස්සේ විදේශ රැකියා සඳහා පුද්ගලයින් බඳවාගැනීමට උත්සහකිරීමේ චෝදනාව මත නිස්සංක ප්‍රියදර්ශන නොහොත් ඩුබායි සුද්දා අද දින (12/28) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම පුද්ගලයා විදේශ රැකියා සඳහා පුද්ගලයින් බඳවාගන්නා බවට සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත වාර්තා වී තිබුණු අතර, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන මෙහෙයවන ලදී.
අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවාගැනීම් සිදුකරන්නේ නම් ඒ සඳහා කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබිය යුතු වන අතර, බඳවාගැනීම සඳහා දැන්වීම් පළකරන්නේ නම් ඒ වෙනුවෙන් කාර්යාංශය වෙතින් වෙනමම අවසරයක් ලබාගෙන තිබිය යුතුවේ. (Update 1)
