එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි රැකියා ලබාදෙන බව පවසා මෙරට පුද්ගලයන්ගේ මුදල් වංචාවේ යෙදුණු පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල සැකකරු සම්බන්ධයෙන් වැලිගම පොලිස් ස්ථානය වෙත පැමිණිලි 16 ක් ලැබී ඇතැයි පොලිසිය සදහන් කලා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුවේ පදිංචි 37 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුයි.
ඩුබායිහි රැකියා ලබාදෙන බව පවසා සැකකරු විසින් විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් විසිපන්ලක්ෂ හැට දහසක පමණ මුදලක් වංචනිකව ලබාගෙන ඇති අතර දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිදුවූ අපරාධ කිහිපයකට සම්බන්ධ වි ඇති බවටද පොලිස් විමර්ශණ වලදී තොරතුරු අණාවරනය වී තිබෙනවා.
අදාල සැකකරු ඊයේ දිනයේදී මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.