අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කෙරෙනු ඇත.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420ක් වේ.
ගෑස් මිල ගැන සඳහන් කරමින් ලාෆ්ස් ගෑස් සමාගම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මගින් අදාළ සමාගම ප්‍රකාශ කර ඇත්තේ ගෘහස්ථ ලාෆ්ස් ගෑස් මිලෙහි වැඩිවීමක් සිදුනොවන බවය.
ඒ අනුව දැනට පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන බවද එම සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
