මෙරටට පැමිණි තවත් ඩීසල් නෞකාවක් අද දිනයේදි මුදල් ගෙවා නිදහස් කරන ගන්නා බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.
බලශක්ති අර්බුදය පිළිබද පැවති පාර්ලිමේන්තු විවාදයේදි අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රට තුල ඇති ඉන්ධන පෝලිම් රැසක් මේ වන විට අවම වී ඇති බවයි.
පසුගිය කාළ සීමාවේ සිදුවු ගෑස් ආශ්‍රීත අනතුරුවලින් පීඩාවට පත් ජනතාවගෙන් යම් පිරිසකට ලිට්රෝ ආයතනය විසින් වන්දි මුදල් ලබා ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කළා.
පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පීඩාවට පත් සෙසු පිරිස සදහා වන වන්දි මුදල් ඉදිරියේදි කඩිනමින් ගෙවා අවසන් කරන බව ලිට්රෝ සමාගම දැනුම්දුන් බවයි.
විවාදයට එක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විපේසිරි මහතා කියා සිටියේ රජයේ අමාත්‍යවරුන් මාධ්‍ය ඉදිරියේ සිදුකරන ප්‍රකාශ කිසිවක් යථාර්ථයක් බවට පත් නොවන බවයි.
මේ විවාදයට එක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා