ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව තබා තිබූ අවසන් බලාපොරොත්තුවද බිඳ වැටුණා.
ඒ අශ්වාරෝහක ක්‍රීඩිකා මැටිල්ඩා කාර්ල්සන් ට තරගයෙන් ඉවත්වීමට සිදුවීමත් සමගයි.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 73 දෙනෙකු තරග වදින මෙම ඉසව්වේ මැටිල්ඩා කාර්ල්සන් තරග වැදුණේ 13 වැනියා ලෙසයි.
එහෙත් ඇයට නියමිත පරිදි තරගය අවසන් කිරීමට හැකිවූයේ නැහැ.
මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනා අතුරින් කිසිවෙකුත් මූලික වටවලින් ඔබ්බට යාමට සමත්වූයේ නැහැ.
