ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තවදුරටත් පෙරමුණ ගැනීමට චීනය සමත්වී සිටිනවා.
ඒ රන් පදක්කම් 05 ක් දිනා ගනිමින්. රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 03 ක්ද ඔවුන් විසින් දිනා ගනු ලැබුවා.
ජපානය පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ රන් 05 ක් – රිදී 01 ක් හිමිකර ගනිමිනුයි.
රන් පදක්කම් 02 ක් – රිදී 02 ක් සහ ලෝකඩ 04 ක් හිමිකර ගත් අමෙරිකාව පසුවන්නේ 03 වන ස්ථානයේයි.
රටවල් 37 ක් මේ දක්වා එක් පදක්කමක් හෝ දිනාගෙන අවසන්.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ දක්වා තරග බිමට පිවිසි කිසිදු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක සාර්ථක දක්ෂතාවයක් දැක්වීමට සමත්වූයේ නැහැ.
ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි අද තරග කල අතර ඇය රැස්කල ළකුණු සංඛ්‍යාව 45 යි දසම 7 යි 9 යි 8 ක්.
ශ්‍රී ලංකා ජූඩෝ ශූර මෙන්ම මෙවර ඔලිම්පික් කණ්ඩායම් නායක චාමර නුවන් ධර්මවර්ධන හෙට තරග බිමට පිවිසෙනවා.
පිරිමි කිලෝ ග්‍රෑම් 73 බර පංතිය යටතේ ඔහු තරග වදින අතර ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට පෙරවරු 07 යි 30 සිට එම ඉසව්ව ආරම්භවීමට නියමිතයි.
බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න කේවල තරග ඉසව්වක් සඳහා හෙට තරග වදිනු ඇති.
ඊයේ පැවති පළමු තරගයේදී 02 ට 00 ක් ලෙස ඔහු පරාජයට පත්වුණා.
