ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වී සිටින ඔස්ටේ්‍රලියානු මළල ක්‍රීඩා කණ්ඩායම හුදකලා කර තිබෙනවා.
ඒ කොවිඩ් ආසාධිත බවට හෙළිවූ අමෙරිකානු ක්‍රීඩකයෙකු සමීපව ඇසුරු කර තිබීම හේතුවෙනුයි.
මේ වනවිට ඔවුන් 63 දෙනාම හුදකලා කර කොවිඩ් පරීක්ෂණවලට යොමුකර ඇති බවයි ඔස්ටේ්‍රලියානු ඔලිම්පික් කමිටුව නිවේදනය කලේ.
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මළල ක්‍රීඩා තරග හෙට ආරම්භවීමට නියමිතයි.
