ටෝකියෝ ඔලිම්පික් උළෙල ආරම්භවීමට එක් දිනයක් පමණක් ඉතිරිව තිබියදී සමාරම්භක උළෙලේ නිර්මාණ අධ්‍යක්ෂවරයා එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.
කෙන්ටාරෝ කොබයාෂි නම් ඔහු විසින් 02 වන ලෝක යුධ සමයට අදාළව සිදුකර තිබූ උපහාසාත්මක ප්‍රකාශයක් පසුගියදා ඉමහත් ආන්දෝලනයට ලක්වුණා.
ඔලිම්පික් තරගාවලියේ විවිධ තනතුරු සඳහා පත්කර සිටි සැළකිය යුතු පිරිසක් ගතවූ සති කිහිපයේදී එම ධුරවලින් ඉල්ලා අස්වුණා.
