ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීම සඳහා පැමිණි ටෙනිස් ක්‍රීඩිකාවකද ඔස්ටේ්‍රලියානු දේශ සීමා ආරක්ෂක නිළධාරින් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
චෙක් රාජ්‍යය නියෝජනය කරන රෙනාටා වොරකෝවා ගේ වීසා බලපත්‍රයද අවලංගු කර ඇති බව සඳහන්.
පසුගිය මාස 06 ඇතුළතදී තමන්ට කොවිඩ් වැළඳුණු බැවින් එය එන්නත්කරණයෙන් වැළකී සිටීමට හේතුවක් ලෙස දක්වමිනුයි ඇය ඔස්ටේ්‍රලියා වීසා ලබාගෙන තිබුණේ.
ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් විසින්ද එම හේතුව ඉදිරිපත් කර තිබු නමුත් ඔස්ටේ්‍රලියා සංක්‍රමණ අංශ විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
මොවුන් දෙදෙනාම මේ වනවිට මෙල්බන් නුවර එකම රැඳවුම් මධ්‍යස්ථානයක රඳවනු ලැබ සිටින අතර ජොකොවික් විසින් පවරන ලද නඩුව ලබන සඳුදා යළි විභාග කිරීමට නියමිතයි.