ජොස් බට්ලර්ගේ සුපිරි පිතිහරඹය හමුවේ අයි පී එල් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ළකුණු 15 ක ජයක් ලබාගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වුණා.
ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිවයි. පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 02 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 222 ක්.
ජොස් බට්ලර් 116 යි.
දෙව්දත් පඩික්කාල් 54 ක් ද සංජු සැම්සන් නොදැවී 46 ක්ද රැස්කලා.
පිළිතුරු ඉණිම ක්‍රීඩාකල දිල්ලි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලබාගත හැකිවූයේ ළකුණූ 207 ක් පමණයි.
