මැයි 09 වනදා ප්‍රචණ්ඩ සිදුවීම්වලට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු – සනත් නිශාන්ත – මිලාන් ජයතිලක – සංජීව එදිරිමාන්න – සමන් ලාල් ප්‍රනාන්දු – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු 22 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙනවා.
අත්අඩංගුවටට ගන්නා ලෙස උපදෙස් දී ඇති පිරිස අතර ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සම්මේලනයේ සභාපති වන මහින්ද කහඳගම, සමාජ ක්‍රියාකාරිකයකු බව කියන ඩෑන් ප්‍රියසාද්, නමැත්තෝද වෙති.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විර්ශන සම්බන්ධ උධෘත ඇතුළු සංක්‍ෂප්ත තොරතුරු නීතීපති දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් සළකා බැලීමෙන් අනතුරුව පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නීතීපතිවරයා එලෙස උපදෙස් දී ඇත.