අධිකරණයට ඉදිරිපත් වූ අරගලයේ ක්‍රියාකාරී ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදා හැර තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
පියතුමන්ට විදෙස් ගමන් තහණමක්ද පණවනු ලැබුවා.
පසුගිය ජූලි 09 වනදා කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුලුවීමයි චෝදනාව වන්නේ.
හෙට පෙරවරුවේ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට පැමිණ එහි ඇති කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය හමුවේ ප්‍රකාශයක් දෙන ලෙසටද වැඩිදුරටත් නියම කෙරුණා.
