සිපෙට්කෝ සහ ලංකා අයි ඕ සී පිරවුම්හල් රැසක් ආශ්‍රිතව අද සිට දිවයින පුරා ජාතික ඉන්ධන බලපත් ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ අනුව අද සිට ලබන පළමුවනදා දක්වා කිව් ආර් කේත ක්‍රමය සහ වාහන අංක තහඩුවේ අවසාන අංකයට ඉන්ධන නිකුත් කිරීම යන ක්‍රම 02 ටම ඉන්ධන ලබාදීම සිදුවනවා.
කිව් ආර් කේත ක්‍රමයට පහසුකම් නොමැති හෝ තාක්ෂණික ගැටලු ඇති පිරවුම්හල් සඳහා පමණක් එම ගැටලු නිරාකරණය වනතුරු අවසාන අංකයට ඉන්ධන නිකුත් කිරීමට අවසර ලබාදී තිබෙනවා.
කෙසේවෙතත් ජාතික ඉන්ධන බලපත් ක්‍රමය හෙවත් කිව් ආර් කේතය නොමැතිනම් ලබන අගෝස්තු පළමුවනදා සිට පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගත නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඒ අනුව දැනට ක්‍රියාත්මක වාහන අංක තහඩුවේ අවසාන ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම ඇතුලු අනෙකුත් සියලු ක්‍රම අගෝස්තු පළමුවනදා සිට අහෝසි වන බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.
