ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා.
එලෙස ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ එල් එස් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය , එස් සී මැදවත්ත, ඩබ්ලිව් කේ ජයලත් , රන්මල් කොඩිතුවක්කු, අජිත් රෝහණ සහ එල් කේ ඩබ්ලිව් කේ සිල්වා යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටයි.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල් එස් පතිනායක පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කර තිබෙනවා.
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන ලෙස පත් කර තිබෙනවා.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ රාජකාරී කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාරු කර යවා ඇත්තේ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.