දිවයින පුරා ජනතාවට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති කඩිනම් කිරීමට සමගාමීව ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සදහා වහා පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ජල සම්පාදන අමාත්‍යාංශයේ නිළධාරින් සමග අරලිය ගහ මන්දිරයේ පැවති සකච්ඡාවකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
ඒ අනුව ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය කරමින් එම ප්‍රදේශ ආරක්ෂා කර ගැනිම සදහා පරිසර අමාත්‍යාංශය හා ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කරන්නැයි අග්‍රමාත්‍යවරයා උපදෙස් දුන්නා.
දිවයිනේ සියලු ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි නල මගින් පානීය ජලය ලබාදිමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක බැවින් ඉදිරි වසර තුනක කාලයේදි සියලු පවුල් සදහා පිරිසිදු පානිය ජලය ලබා ගැනිමට හැකිවනු ඇතැයිද මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.
