ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකල අඹු සැමි යුවළක් ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පිළැස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි නියෝගය ලබාදී ඇත්තේ.
මොවුන් සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 18 ක් – පරිඝණක යන්ත්‍රයක් ඇතුලු උපකරණ කිහිපයක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කලා.
සැකකරුට සහ සැකකාරියට එරෙහිව මහව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩු 08 ක් පවතින බවත් එම සියලු නඩු සඳහා ඔවුන්ට වරෙන්තු නිකුත් වී ඇති බවත් සඳහන්.
මොවුන් විසින් වංචා කර ඇතැයි සැළකෙන මුදල රුපියල් කෝටියකට අධිකයි. – රංගන
