ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මෙතෙක් ලබා නොගත් අය සදහා එම මාත්‍රාව ලබාදීම අද සිට සිදු කෙරෙනවා.
ජපාන රජයේ පරිත්‍යාගයක් ලෙස ඊයේ මෙරටට හිමිවූ එන්නත් තොගයයි මෙලෙස අද සිට දෙවන මාත්‍රාව ලෙස භාවිතයට ගැනෙන්නේ.
ඒ අනුව කොළඹ – ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්වල ප්‍රධාන රෝහල් / සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල සහ එන්නත්කරණ මධ්‍යස්ථාන ඇතුලු ස්ථාන 62 කදී දෙවන මාත්‍රාව ලබාදීම සිදුවනවා.
එන්නත ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් බව දැක්වෙන කාඩ් පත සහ ජාතික හැඳුනුම්පත රැගෙන ආ යුතු බව සෞඛ්‍ය අංශ සඳහන් කලා.
උදාසන සිට රාත්‍රී වනතුරු එන්නත්කරණය සිදු කරන අතර කළබලයකින් තොරව මෙම ස්ථාන වලට පැමිණ එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉල්ලීමක් කරනවා.
මෙම එන්නත් බස්නාහිර පළාත තුළ ලබා දීමෙන් පසු ඉතිරි වන එන්නත් මාත්‍රා ප්‍රමාණය කෑගල්ල ප්‍රදේශයේ ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන බව ඇය ප්‍රකාශ කලා.
මේ අතර මෙම මස අවසන්වීමට පෙර මෙරට වයස අවුරුදු 30 ට වැඩි සෑම පුද්ගලයෙකුටම කොවිඩ් එන්නත ලබාදී අවසන් කරන බවත් වයස අවුරුදු 18ට වැඩි තරුණ අය සදහාද එන්නත ලබාදීම ආරම්භ කරන බවත් ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කියා සිටියා.
ඒ අනුව එන්නත්කරණය සිදුකරණ ස්ථාන පහතින් දැක්වේ.
කොළඹ දිස්ත්‍රික්කය එන්නත් ලබාදෙන ස්ථාන…
මොරටුව රෝහල
අතුරුගිරිය රෝහල
නවගමුව රෝහල
පිළියන්දල රෝහල
අවිස්සාවේල්ල රෝහල
හෝමාගම රෝහල
කොස්ගම (සාලාව) රෝහල
තලංගම රෝහල
පාදුක්ක රෝහල
අංගොඩ රෝහල
මුල්ලේරියාව රෝහල
කළුබෝවිල රෝහල
බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
විහාරමහාදේවී උද්‍යානය
දියත උයන
යුද හමුදා රෝහල නාරාහේන්පිට
වේරහැර හමුදා කඳවුර
පනාගොඩ බෝධිරාජාරාමය
කොළඹ මහනගර සභා සීමාව
බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව
පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය
සුගතදාස ක්‍රීඩාංගණය
ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදෙන ස්ථාන…
වතුපිටිවල රෝහල
බියගම රෝහල
දිවුලපිටිය රෝහල
දොම්පේ රෝහල සහ රදාවාන රෝහල
ගම්පහ රෝහල
ජාඇළ රෝහල
මීගමුව රෝහල
කිරිබත්ගොඩ රෝහල
උඩුපිල රෝහල සහ මල්වතුහිරිපිටිය රෝහල
මිනුවන්ගොඩ රෝහල
මීරිගම රෝහල
රාගම රෝහල
විජය කුමාරතුංග රෝහල
පමුණුගම රෝහල
අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
ජාඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මාරිස්ටලා විදුහල මීගමුව
කිරිල්ලවල මහා විද්‍යාලය (කඩවත)
ධර්මාලෝක විද්‍යාලය (කැලණිය)
කළුතර දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදෙන ස්ථාන…
අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
පිඹුර ප්‍රාථමික පාසල
තලගල මංගලාරම විහාරස්ථානය
මහාමායා විද්‍යාලය
සණස කාර්යාලය බෝපිටිය