ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගතවීමට පැමිණි අවස්ථාවේදී ආගමන හා විගමන නිලධාරීන් ඔහුට රටින් පිටවීමට අනුමැතිය දීම ප්‍රතික්ෂේප කළ බවට පළවන ප්‍රචාරවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ. ඒ. ඒ. එස්. කණුගල මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (12) රාත්‍රී පැවසීය.
නිල වශයෙන් ධූරයේ රැදීසිටින ජනාධිපතිවරයා රටින් බැහැර යාම වැලැක්වීමේ නීත්‍යානුකූල බලයක් ආගමන හා විගමන නිලධාරීන්ට නොමැති බව ද කණුගල මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
