පසුගිය දිනවල පැවති විරෝධතා අතරතුර ජනාධිපති මන්දිරයේ දේපළවලට සිදුවූ හානිය පිළිබඳ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ජනාධිපති මන්දිරයට ඇතුළු වූ පිරිස් විසින් විනාශ කරන ලද සහ සොරකම් කරගෙන යන ලද දේපළ සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවක් ලබා ගැනීමයි එහි අරමුණ වන්නේ.
ඒ අනුව ජනාධිපති මන්දිරයේ තිබූ සම්පූර්ණ භාණ්ඩ ලැයිස්තුව ලබා දෙන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට දන්වා තිබෙනවා.
අදාළ වාර්තාව ලැබී සති 02 ක් තුළ ජනාධිපති මන්දිරයේ දේපළවලට සිදුවූ හානි පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාගැනීමට හැකි බව ද ඔහු කියා සිටියා.
ජනාධිපති මන්දිරයට ඇතුළු වූ ඇතැම් පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් එහි තිබූ චිත්‍ර සහ සිතුවම්වලට වැඩි වශයෙන් හානි සිදුව ඇති බවයි මේවනවිට සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව ජනාධිපති මන්දිරයේ තිබූ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ හා විනාශ වූ භාණ්ඩ මොනවාදැයි තහවුරු කර ගැනීමේ මූලික කටයුතු ද මේවනවිට ක්‍රියාත්මකයි.
