ශ්‍රී ලංකා නීති ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ චරිතයක් ලෙස සැලකෙන ජ්‍යෙෂ්ඨ නීතිවේදී ජනාධිපති නීතිඥ ගෝමින් දයා ශ්‍රී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ ඊයේ රාත්‍රියේදීයි.
අභාවප්‍රාප්ත වන විට ගෝමින් දයා ශ්‍රී මහතා 76 වැනි වියෙහි පසුවුණා.
නීති කරුණු සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති විද්වතෙකු ලෙසයි ඔහු සැළකුණේ.
ගෝමින් දයා ශ්‍රී මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
