ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිය ධුරවලින් ඉවත්වුවහොත් පමණක් ආණ්ඩුවක් භාරගැනීමට සූදානම් බව සමගි ජන බලවේගය අවධාරණය කරනවා.
අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා කියා සිටියේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම යනු මහජන අරගලයට විරුද්ධ වීමක් බවයි.