සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    MAHINDA RAJAPAKSA

    තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

    අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට

    බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

    වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්

    ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී

    ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    කිරිපිටි හිගයක් නහැලු – මිල වැඩි කරන්නෙත් නැහැලු

    ආනයනික කිරිපිටි මිල අද සිට පහළට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    MAHINDA RAJAPAKSA

    තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

    අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට

    බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

    වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්

    ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

    අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී

    ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    කිරිපිටි හිගයක් නහැලු – මිල වැඩි කරන්නෙත් නැහැලු

    ආනයනික කිරිපිටි මිල අද සිට පහළට

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනාගෙන්ම බදු නිසි පරිදි අයවිය යුතු ක්‍රමවේදයක් සැකසිය යුතුයි

Admin by Admin
3 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
HARSHA COPF
0
SHARES
3
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ජනාධිපතිවරයාගේ සිට, නිලධාරීන් ඇතුළු සියලු දෙනාගෙන්ම මූල්‍ය නොවන ප්‍රතිලාභ සදහා බදු  නිසි පරිදි  අය විය යුතු ක්‍රමවේදයක් සැකසිය යුතුයි – රජයේ මුදල් පිළිබද කාරක සභා සභාපති අවධාරණය කරයි

රටේ ජනාධිපතිවරයාගේ සිට සියලු අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්‍රතිලාභ සදහා අයවිය යුතු බදු (Tax on non-cash benefits) නිසි පරිදි අයකර ගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතු බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා අවධාරණය කළේය.

මූල්‍ය නොවන ප්‍රතිලාභ ලෙස යම් තනතුරක් දරන පුද්ගලෙකුට හිමිවන වාහන, නිවාස, සේවකයන් ආදි ප්‍රතිලාභ අයත්වන බැවින් ඒ සියල්ල සලකාබලා නිවැරදිව මෙම බදු අයකිරීම් සිදුකළ යුතු බවත් ඒ මහතා පෙන්වා දෙන ලදී.

2023 වසර සදහා බදු අයකර ගැනීමේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව සාකච්ඡා කිරීම සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගියදා (10) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැදවා තිබූ අවස්ථාවේදී ඒ මහතා මේ බව පැවසීය.

2022 වසරේ එකතු කරන ලද බදු ප්‍රමාණය රු. බිලියන 860 කට ආසන්න බවත් 2023 වසර සදහා අයකර ගැනීමට අපේක්ෂිත බදු ප්‍රමාණය රු. බිලියන 1667ක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී පෙන්වා දෙන ලදී. මේ අනුව ගිය වසරට සාපේක්ෂව රු බිලියන 922 කට ආසන්න බදු මුදල් ප්‍රමාණයක් මෙම වසරේ වැඩිපුර ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.

2023 වසරේ අපේක්ෂිත බදු ආදායමින් වැඩිම මුදලක් ලැබීමට නියමිතව ඇත්තේ සමාගම් ආදායම් බද්ද මගින්ය. එම මුදල රු බිලියන 603 කි. එසේම එකතු කළ අගය මත බද්ද (VAT) මගින් රු බිලියන 553 ක ආදායමක් අපේක්ෂා කරන බවද දේශීය ආදායම්  නිලධාරීහු පෙන්වා දුන්හ.

මෙම බදුමුදල් අයකරගැනීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම පිළිබදව ද කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. බදු ගෙවීම් පැහැර හැරීම්වලට අදාළව අධිකරණයේ පවතින නඩු කල්ගතවීම ඇතුළු ගැටලු පිළිබදව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කරුණු දක්වන ලදී. මෙම ගැටලු සමාලෝචනය කොට ඊට විසදුම් ලබා දීමට රජයේ මුදල් කාරක සභාව ඉදරියේදී මැදිහත් වන බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පැවසීය.

මේ අනුව මෙම බදු අයකර ගැනීමේ ප්‍රගතිය පිළිබදව පෙබරවාරි මාසයේ දී කාරක සභාවට වාර්තා කරන ලෙසද කමිටු සභාපතිවරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වා සිටියේය.

ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුපටත් බදුඅයකරන බවට පළවූ ඇතැමු මාධ්‍ය වාර්තා පිළිබදවද කාරක සභාවේ අවධානය යොමුවිය. මෙහිදී දේශිය ආදායම් දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් පෙන්වා දුන්නේ විශ්‍රාම වැටුපකට කිසිදු අයුරකින් එලෙස බදු අය කිරීමක් සිදු නොකරන බවයි.

ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2307/12 දරන ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි ද අනුමතිය සදහා කාරක සභාවට ඉදිරිපත් කොට තිබිණි. ක්‍රීඩා අයිතම, දුම්රිය අමතර කොටස්, රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් අයිතම ඇතුළු භාණ්ඩ සදහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කිරීම සදහා මෙම ගැසට් පත්‍රය පළකර තිබිණි.

ගැසට් පත්‍රය සදහා අනුමතිය ලබාදුන් කාරක සභාව පවසා සිටියේ සංචාරක , රූපලාවණ්‍ය වැනි කර්මාන්ත සදහා අවශ්‍ය නිෂ්පාදන, අදාළ ආයතනවල නිර්දේශ යටතේ  ගෙන්වීමට අවසර ලබා දීමට වඩා යෝග්‍ය වන්නේ යම් ඉහළ බද්දක් හෝ අයකරමින් ආනයනයට ඉඩ ලබා දීම බවයි. එසේ නොවන විට  කළු කඩ ව්‍යාපාර බිහිවීම වැළැක්විය නොහැකි බවද කාරක සභාවේදී සාකච්ඡාවට ලක්විය.

තවද අංක 2308/51 ගැසට් පත්‍රයේ පළකොට තිබූ විදේශ විනිමය පනත යටතේ නියෝග සදහාද කාරක සභාවේ අනුමතිය හිමිවිය.

Admin
Tags: ජනාධිපතිවරයාබදුරජයේ මුදල් පිළිබද කාරක සභාවහර්ෂ ද සිල්වා
Previous Post

17 වනදා මධ්‍යම රාත්‍රී 12.00 සිට A/L පන්ති තහනම්

Next Post

පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 දක්වා රැස්වේ

Admin

Admin

Related Posts

MAHINDA RAJAPAKSA
දේශීය

තෙල් වෘත්තීය සමිති නායකයින් මහින්ද හමුවට

by Admin
April 1, 2023
අවහන්හලේ පඩිපෙළෙන් ඇදවැටී ප්‍රධාන සූපවේදියා මරුට
දේශීය

බිග්මැච් උණුසුම මැද රථයක් පෙරළී සිසුන් දෙදෙනෙක් මරුට

by Admin
April 1, 2023
වැඩි මිලට බිත්තර විකිණූ වෙළෙන්ඳා ට රුපියල් ලක්ෂ 10 ක දඩයක්
දේශීය

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ගැන ප්‍රකාශයක්

by Admin
April 1, 2023
අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි
දේශීය

අමරසිරි කලංසූරිය දිවි රඟ මඩලට සමුදෙයි

by Admin
April 1, 2023
අනුප්‍රාප්තික ජනපති තෝරාගැනීමට නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී
දේශීය

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

by Admin
April 1, 2023
Next Post
2023 වර්ෂය සදහා වන අයවැය පළමුවර කියවීම හෙට

පාර්ලිමේන්තුව ලබන 17 සිට 20 දක්වා රැස්වේ

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In