ජනවාරි මස 01 වෙනිදා සිට පොදු ස්ථාන වලට ඇතුළුවීමේ දි කොවිඩ් එන්නත් කාඩිපත් අනිවාර්යය කිරිමට රජය තීරණය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සදහා ඉදිරි පියවර ගනිමින් සිටින බවයි.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේ දි ඇමතිවරයා මේ බව සදහන් කළේය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි වැඩිදුරටත් කියා සිටියේ තමන්ට ලැබෙන පළමු අවස්ථාවේ දි නියමිත කොවිඩ් එන්නත ලබා ගැනිම සමස්ථ පුරවැසියන්ගේ වගකීමක් බවයි.
දෙසැම්බර් 31 වන දිනට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ බුස්ටර් එන්නත ලබා දී අවසන් කිරිමට කටයුතු කරන ලෙස ද ඇමතිවරයා මෙහි දි බළධාරින්හට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
