19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කරන බවට ජනතාව වෙත දුන් පොරොන්දුව ජනාධිපතිවරයා විසින් කඩ කර ඇති බවට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය චෝදනා කරනවා.
පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ 22 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල තවත් වැඩි වන බවයි.
වත්මන් රජය මහනායක හිමිවරුන් විසින් පවා ප්‍රතික්ෂේප කර ඇති බවයි මන්ත්‍රීවරයා අවධාරණය කලේ.