ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිඛෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ අද පෙරවරු 11.00 ට අදාළ සාකච්ඡාව ආරම්භ වන බවයි.
ඊට පෙර, පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දුමින්ද දිසානායක මහතා කියාසිටියා.
පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඇතිකරගත් ගිවිසුම් පදනම් කරගනිමින් මෙම සාකච්ඡාව පවත්වන බවද දුමින්ද දිසානායක මහතා සදහන් කළා.
