ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාව ඉතා සාර්ථක බව නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින්ට බිම් මට්ටමේ දේශපාලනයට සුදුසු වාතාවරණයක් සකස් කිරීම / මනාප ක්‍රමයෙන් තොර මැතිවරණ ක්‍රමයක් බිහි කිරීම ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳ එහිදී සාකච්ඡා කල බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.
අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව කියාසිටියා.
