වල් නාශක, කෘමි නාශක සහ දිලීර නාශක නැවත ආයනයන කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීම සඳහා අද පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.
තුන්වැනි සහ හතරවැනි කාණ්ඩයේ පොහොර ආනයනය කිරීමට එහිදී අවසර ඉල්ලා සිටීම නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ අතර වී සහ එළවළු වගාවන් සඳහා රසායනික පොහොර ගෙන්වීමට රජය මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ශාක පෝෂක රසායනික පොහොරක් ගෙන්වන බවට පළවන තොරතුරු වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.