ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා පවතින නීතියට පටහැනි ආකාරයෙන් අදහස් පළ කල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කථානායකවරයා ගන්නා පියවර කුමක්දැයි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කළා.
එවන් පිරිස් සම්බන්ධයෙන් නිසි පියවරක් නොගන්නේ නම් එය වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බවයි ෂෙහාන් සේමසිංහ මහතා පෙන්වා දුන්නේ.
මේ අතර තමන්ට තර්ජනාත්මක දුරකථන ඇමතුම් කිහිපයක් ලැබුණු බව චමින්ද විපේසිරි හා තිලක් රාජපක්ෂ යන මහත්වරුන් අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.
ජනතා විරෝධය හමුවේ ආණ්ඩුව පාඩමක් උගත් බව පෙනී නොයන බවයි කබීර් හෂිම් මහතා අවධාරණට කළේ.
