ජනාධිපතිවරයා කෙරෙහි මහජනතාව තුළ කළකිරීමක් හටගෙන ඇත්තේ උපදේශකයන්ගේ වැරදි උපදෙස් නිසා බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
පවතින තත්වය අවබෝධ කරගනිමින් බුද්ධිමත් පුද්ගලයන්ගෙන් උපදෙස් ගෙන ඉදිරි තීරණ ගන්නා ලෙසයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.
රටතුළ පවතින පොහොර අර්ුබදය හමුවේ ගොවීන් මුහුණදී ඇති දුෂ්කරතාව පිළීබදවද පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙහිදී අදහස් දැක්වුවා.
එහිදී උන්වහන්සේ කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ පොහොර අර්බුදය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී වඩාත් නම්‍යශීලී වන ලෙසයි.