රථ පෙළපාලි 04 කින් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ උද්ඝෝෂණයේ නිරතවූ 42 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාන්තාවන් 16 දෙනෙකු සහ පිරිමි 26 දෙනෙකු ඒ අතර වන බවයි පොලිසිය සඳහන් කලේ.
මෙම පිරිසට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා රටේ පවතින වාතාවරණය හමුවේ මෙලෙස උද්ඝෝෂණ නොකරන ලෙසට දැනුම්දීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියා.
කෙසේවෙතත් එය නොතකා අඛණ්ඩව විරෝධතා කිරීම හමුවේ තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.
ඔවුන් පැමිණි වාහන 10 ක් ද පොලිස් භාරයට ගත් බව අජිත් රෝහණ මහතා සඳහන් කලා.
අත්අඩංගුවට ගත් පිරිසගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින අතර අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අයුතු අවහිරය, නීති විරෝධී ජන රාශියක සාමාජිකයන් වීම, ජාතික මංමාවත් පනත යටතේ ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම සහ නිරෝධායන නීති රීතින් උල්ලංඝණය කිරීම යන චෝදනා යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.
