සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය
    RANJITH MADDUMA BANDARA

    මුදල් ලේකම් ට එරෙහිව තවත් පෙත්සමක්

    ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

    ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18 කට ඉන්දීය රුපියල භාවිත කිරීමට අවසර

    නොරච්චෝලේ ජනන යන්ත්‍ර 03 න් 02 ක් අද හවස සිට වැඩ

    නොරොච්චෝලේ තුන්වැනි ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 12 ක්

    රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී

    විදේශ රැකියා ඒජන්සි බලපත්‍ර බැංකු ඇපකරය මිලියන 03 ක් දක්වා ඉහළට

    ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්

    මුදල් ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් ධාවන කටයුතුවලින් ඉවතට

    ඉන්ධන මිලේ දැනෙන වෙනසක්

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතාව වෙනුවෙන් ජනපති මැදිහත් වෙයි

Admin by Admin
3 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතාව වෙනුවෙන් ජනපති මැදිහත් වෙයි
0
SHARES
23
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

අඹේවෙල ගොවිපොල සමීපයේ අතහැර දමා ඇති අක්කර 30ක භූමි භාගය වහාම අඹේවෙල ගොවිපොලට ලබා දී එය සංවර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසත්, එය තෘණ වගා භූමියක් ලෙස පවත්වා ගනිමින් කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතාව සැපයීමේ පද්ධතියට එක්කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට සහ කොමසාරිස්වරියට උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අඹේවෙල ගොවිපොල සමූහයට අයත් යුනයිටඩ් ඩෙයරීස් ලංකා ලිමිටඩ් අඹේවෙල නව ඒකකයේ ඊයේ (27) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලබා ඇති ක්‍රමික වර්ධනය අගය කළ ජනාධිපතිවරයා එය අනෙකුත් ගොවිපොළවලට ආදර්ශයක් බව ද පැවසීය.

මෙරට විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේෂණ කටයුතු සහ අත්දැකීම් සඳහා මෙම ගොවිපොළ විවෘත කර ඊට අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.

අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන සහ ගොවිපල තාක්ෂණයේ ඉහළම තාක්ෂණික භාවිතයක් සහිත ලංකාවේ සහ දකුණු ආසියාවේ ප්‍රධානතම මධ්‍යස්ථානය බව අඹේවෙල ගොවිපොල සමූහයේ සාමාන්‍යාධිකාරී සරත් බණ්ඩාර මහතා පැවසීය.

යුනයිටඩ් ඩෙයරීස් ලංකා ලිමිටඩ් අඹේවෙල නව ආයතනයේ මේ වන විට කිරි ගවයන් 1000ක් පමණ සිටින අතර දෛනිකව කිරි ලබා ගැනීම සිදු කෙරේ. එසේම දිනකට අවස්ථා 03කදී මෙම ගවයින්ගෙන් කිරි ලබා ගන්නා අතර මෙම ස්ථානය සහ අඹේවෙල සමස්ත පද්ධතියෙන් මෙරට කිරි අවශ්‍යතාවයෙන් දියර කිරි ලීටර් 40,000ක් වෙළෙඳපොළට නිකුත් කෙරේ. එම කිරි ගවයන් නඩත්තු කිරීම , අවශ්‍ය ආහාර පාන ලබා දීම, බර කිරීම , රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සහ එවන් හඳුනා ගැනීමකදී ගවයින් වෙන් කිරීම ආදී සියලු කටයුතු ස්වයංක්‍රීය ක්‍රමවේදයකට අනුව යන්ත්‍රානුසාරයෙන් සිදු කෙරේ.

අඹේවෙල ගොවිපොළ පද්ධතියේ ගවයන් 4500ක් මේ වන විට පෝෂණය ලබයි. 2001 වසරේ අඹේවෙල සමූහය ආරම්භ කිරීමට පෙර, මෙය රජය සතුව පවතිද්දී දිනකට සපයා ගෙන ඇත්තේ කිරි ලීටර් 1500 ක් පමණි.

අද වන විට කිරි ගවයින් සඳහා වන හොඳම ප්‍රභේද ලංකාවේම නිර්මාණය කිරීමට අඹේවෙල පද්ධතිය පසුගිය වසර 15ක කාලය තුළ සමත්ව ඇත. ඒ අනුව මෙම කිසිඳු කිරි ගවයෙකු විදේශයෙන් ආනයනය නොකරන අතර කිරි ගවයන් බිහි කිරීම සඳහා ලෝකයේ දැනට ඇති අති නවීනතම තාක්ෂණය භාවිතයෙන් දැනට ලෝකයේ සිටින ඉහළම පිරිමි ගවයින්ගේ ශුක්‍රාණු ආනයනය කරමින් ජාන තාක්ෂණය ද භාවිතයෙන් මෙරටට ගැළපෙන ගවයින් බිහි කිරීම ද ආයතනික ක්‍රියාවලියේම කොටසක් බවට පත්කරගෙන තිබේ.

එමෙන්ම කිරි ගවයින්ට අවශ්‍ය ආහාර ලබා දීමේදී වක්‍ර රැකියා දහසක් පමණ මෙම ගොවිපොල ආශ්‍රිතව නිර්මාණය වී ඇත. බඩඉරිඟු ගොවීන්ගේ සම්පූර්ණ අස්වැන්න අඹේවෙල ගොවිපළට ලබා ගැනීමේ යාන්ත්‍රණයක් ද මේ වන විටත් ක්‍රියාත්මකය. ඒ අනුව වසරකට බඩඉරුඟු ගස් මෙට්‍රික් ටොන් 25,000ක් පමණ එකතු කර ගබඩා කිරීමේ පහසුකම් ද අඹේවෙල ගොවිපොළ පද්ධතිය සතුය.

අඹේවෙල ගොවිපොළට යාබදව දැනට භාවිතයට නොගන්නා, තෘණ වගා කළ හැකි බවට හඳුනා ගත් අක්කර 30ක පමණ භූමි භාගය ද මෙහිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

Admin
Tags: අඹේවෙලකිරි
Previous Post

“බිල් නොගෙව්වත් අපි ලයිට් කපන්න එන්නේ නෑ”

Next Post

ලංකාවේ වැඩිම ආහාර අනාරක්ෂිතභාවය දකුණේ ජනතාවට

Admin

Admin

Related Posts

RANJITH MADDUMA BANDARA
දේශීය

මුදල් ලේකම් ට එරෙහිව තවත් පෙත්සමක්

by Admin
March 21, 2023
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්
දේශීය

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18 කට ඉන්දීය රුපියල භාවිත කිරීමට අවසර

by Admin
March 21, 2023
නොරච්චෝලේ ජනන යන්ත්‍ර 03 න් 02 ක් අද හවස සිට වැඩ
දේශීය

නොරොච්චෝලේ තුන්වැනි ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 12 ක්

by Admin
March 21, 2023
රට යනවා කියා හොරෙන් ෆයිසර් විදගත් අයට වැඩ වරදී
දේශීය

විදේශ රැකියා ඒජන්සි බලපත්‍ර බැංකු ඇපකරය මිලියන 03 ක් දක්වා ඉහළට

by Admin
March 21, 2023
ළමා මන්දපෝෂණය ගැන තොරතුරු කී වෛද්‍යවරයාගේ වැඩ තහනමට එරෙහිව පෙත්සමක්
දේශීය

මුදල් ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

by Admin
March 21, 2023
Next Post
ලංකාවේ ළමුන්ගේ මන්දපෝෂණය – කෘෂ බව සහ මිටි බව ඉහළට

ලංකාවේ වැඩිම ආහාර අනාරක්ෂිතභාවය දකුණේ ජනතාවට

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In