එකම දිනයක ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බංඩාර මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 06 ක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ විශේෂ කාරක සභාව’හමුවේ කරුණු දැක්වූ අවස්ථාවේදීයි.
මැතිවරණවලදී කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා නීතියෙන්ම කටයුතු කළ යුතු බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහිදී සඳහන් කලා.
සම්පූර්ණයෙන්ම කේවළ ක්‍රමය යටතේ මැතිවරණ පැවැත්වුවහොත් විශාල අසමතුලිතතාවයක් හටගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරීස් මහතා පෙන්වා දුන්නා.
ලබන මාසයේදී දින 04 ක් මෙම කාරක සභාව රැස්වන බව කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂාණී රෝහණදීර මහත්මිය සඳහන් කළා.
