මේ මොහොතේදී රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ගැටලුවක් උද්ගතව ඇති බව සමගි ජනබලවේගය පවසනවා.
රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයාද විදේශ ගතව ඇති බවත් රටේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාද කොවිඩ් වැළදී ප්‍රතිකාර ලබමින් පසුවන බවත් ඔවුන් පෙන්වා දෙනවා.
එවැනි තත්වයක් මත රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම දරන්නේ කවුරුන්දැයි සමගි ජනබලවේගය රජයෙන් ප්‍රශ්ණ කරනවා.
අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙම අදහස් පළ කලා.
රටේ ප්‍රධානීන් රටෙන් පිටවන ඕනෑම අවස්ථාවකදී රටේ ජාතික ආරක්ෂාව සහ ආරක්ෂක අමාත්‍යාංශයේ වගකීම සුදුසු පුද්ගලයෙකුරට භාරදිය යුතු බවට වන පාස්කු කොමිසම් වාර්තාවේ නිර්දේශ පවා රජය විසින් කඩකර ඇති බවටයි ඔහු එහිදී චෝදනා කලේ.
මේ අතර කොවිඩ් වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කලා. සැබෑ ලෙසම ආසාධිතයින් සංඛ්‍යාව අඩුවී ඇති බවට තහවුරු කිරීමටනම් දෛනිකව සිදුකල පීසීආර් සහ රැපිඩි ඇන්ටිජන් සංඛ්‍යාවද හෙළිකල යුතු බවයි හර්ෂණ රාජකරුණා මහතා එහිදී අවධාරණය කලේ.